Tel: +94 55 2226622

School of Uva Province


ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලීය ව්‍යවහාරික විද්‍යා පිඨය සංවිධානය කරනු ලබන “UWU EXPO 2022– Exhibition” ප්‍රදර්ශනය, 2022 ඔක්තෝම්බර් මස 28 වැනි දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.  මෙම ප්‍රදර්ශනයේ එක් අංගයක් ලෙස පාසල් ළමුන්ගේ නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමට මෙමගින් කටයුතු සංවිධානය කර ඇත.  මෙහිදි ප්‍රදර්ශන භාණ්ඩ ඇගයීමකට ලක් කර ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන තෝරා පත්කර ගනු ලබන අතරම සෙසු ඉදිරිපත් කිරීම් සඳහා සහභාගීත්ව සහතික පත් පිරිනමනු ලැබේ.

එක් එක් පාසැල මගින් තෝරා ගන්නා හොදම නවෝත්පාදන හයක් (06) ඉදිරිපත් කලහැක.

ඔබගේ විද්‍යාලයන්හි නවෝත්පාදන පිලිබඳ තොරතුරු ලබාදීමට සහ සහභාගිත්වය තහවුරු කිරීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හරහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගන්න.

ලියාපදිංචි වීමේ අවසාන දිනය සැප්තැම්බර් මස 30 වැනිදා බව සලකන්න.

විමසීම්:

කේ. චරිත්

කථිකාචාර්ය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

දුරකථන අංකය - 071 516 4198

විද්යුත් තැපෑල – uwuexpoexhibition@uwu.ac.lk

නිල ෆේස්බුක් පිටුව – https://www.facebook.com/uwuexpo

Exhibition to sme, schools - sinhala